ඇමරිකානු විවෘත ටෙනිස් තරඟාවලියේ අවසන් තරඟයේදී ඇති වූ සිදුවීම පිළිබඳව මේ වෙද්දි ලෝකයම කතා කරනවා. පසුගිය සෙනසුරාදා පැවති මෙම තරඟයේදී 20 හැවිරිදි නඕමි ඔසාකා සිය පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලානය දිනා ගැනීමට සමත් වුණා. ඒ 23 වරක් මෙම ශූරතාව දිනාගෙන සිටි 36 හැවිරිදි සෙරිනා විලියම්ස් ව පරාජයට පත් කරමින්.
ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර Arthur Ashe ක්‍රීඩාංගනයේ පැවති මේ තරඟයේ දෙවැනි වටයේදී ප්‍රධාන විනිසුරු කාලෝස් රමෝස් විසින් සෙරිනාට දඬුවම් පහරක් නියම කරනවා. ඉන් පස්සේ මුළු තරඟයටම සෙරිනා වෙනුවෙන් එම නියමය බල පවත්වනවා. නඕමි ඔසාකා පළමු තරඟයේ දී 6 -2 හා දෙවන තරඟයේදී 6 -4 ලෙස සෙරීනාව පරාජයට පත් කරමිනුයි ශූරතාවට හිමිකම් කියන්නට සමත් වෙන්නේ. සෙරිනාගේ මේ පරාජය ඇගේ 24 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවට හිමිකම් කියමින් වාර්තාවක් පිහිටුවීමට තිබූ අවස්ථාව අහිමි වුණා.
පසුගිය වසරේ සෙරිනා විලියම්ස් මව් පදවිය ලැබූ පසු ඇයට කිසිදු ටෙනිස් ශූරතාවක් දිනා ගැනීමට හැකි වුණේ නැහැ. මේ තරඟයේ ද වැඩි වාසියක් නඕමි ඔසාකාට හිමි වී තිබුණා. ඒ අනුව පළමු වටයේදී 6-2ක් ලෙස තරඟය දිනා තිබූ නඕමිගේ අභියෝගයන් ට මුහුණ දීම සඳහා සෙරිනාගේ ප්‍රංශ ජාතික පුහුණුකරු වන පැට්රික් මෞරටොග්ලු (Patrick Mouratoglou ) විසින් හස්ත සංඥාවක් මගින් ප්‍රේක්ෂකාගාරයේ සිට උත්සාහ කර තිබුණා. මේ තත්වය ක්‍රීඩා ආචාර ධර්මවලට පටහැනි බවට චෝදනා කරමින් විනිසුරු රාමොස් නඕමි ඔසාකා ට ළකුණක් පිරි නැමීමට කටයුතු කළා. මින් කෝපයට පත් සෙරීනා ඇයගේ බැඩ්මින්ටන් පිත්ත පොළොවේ ගසමින් විනිසුරු රාමොස් වෙත ගියා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/1-1.jpg”]
” මම මගේ ජීවිතයේ කිසිම දවසක වංචාවක් කරලා නැහැ. මටත් ඉන්නවා දියණියක්. ඔබ මගෙන් එක ළකුණක් උදුරා ගත්තා. ඒ නිසා ඔබ හොරෙක්. මේ තරඟයේ හුඟක් පිරිමි මීට වඩා නරත විදියට හැසිරිලා තියෙනවා. ඒ අයට මුකුත්ම කරලා නැහැ. මම කාන්තාවක් නිසාද ඔබ මට මේ විදියට කරන්නේ?.වංචා කරනවට වඩා හොඳයි මට මේ තරඟය පරදින එක.”
සෙරීනා එහෙම කිව්වා. මේ සිදුවීම ගැන සෙරිනාගේ පුහුණුකරු රූපවාහිනි සාකච්ඡාවකදී තමන්ගේ ක්‍රියාව පිළිගෙන තිබුණා. එහිදි ඔහු කිව්වේ මෙහෙම දෙයක්.
” ඔව් මම එහෙම දෙයක් කළා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මම ඒක වරදක් විදියට දකින්නේ නැහැ. මොකද සෙරිනාගේ ප්‍රතිවාදියෙකු වූ සාෂා බාජින් ද එක වරක් එයම සිදු කරලා තිබුණා”
2009 වසරේදි සෙරිනා විලියම්ස් මේ අයුරින් දඬුවම් පහරට ලක් වුණේ කිම් ක්ලිජ්ස්ටර් ට එරෙහි අර්ධ අවසන් වටයේදීයි. ඒ වගේම 2011 වසරේදීත් මෙවැනිම සිදුවීමක් සිදු වී තිබුණා. කොහොම වුණත් මේ සිදුවීමේදී තරඟ සංවිධායකයන් පවා පිටියට පිවිසුණේ මේ ආරවුල විසඳීම සඳහායි. සියල්ල යථා තත්වයට පත් කරමින් තරඟය නැවත ආරම්භ කෙරුණා. එහිදී 6- 4ක් ලෙස තරඟය ජය ගැනීමට අවසානයේ නඕමි ඔසාකා සමත් වුණා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/180908202755-osaka-serena-laugh-exlarge-169.jpg”]
මේ ජයග්‍රහණයත් සමඟ ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවයක් දිනාගත් පළමු ජපාන ජාතික කාන්තාව වීමට 20 හැවිරිදි නාඕමි ඔසාකා සමත් වුණා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/Naomi-osaka-Serena-Williams-600×396.jpg”]
“මම සෙරිනාව වැළඳගන්නකොට මට නැවතත් දරුවෙක් බවට පත් වුණා වගේ හැඟීමක් දැනුණා.” නඕමි එහෙම කිව්වා. සෙරීනා නඕමිගේ ජයග්‍රහණය වෙනුවෙන් බෙහොම ආදරණීය සුභු පැතුම් එක්කරන්නට අමතක කර තිබුණේ නැහැ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/180908162402-serena-osaka-exlarge-169.jpg”]
මේ අතරේ මේ සිදුවීම සම්බන්ධයෙන් නඕමි පවසා සිටියේ මෙහෙම දෙයක්.
” මම මේ වෙන්න යන්නේ මොකක්ද කියන දේ ගැන හිතා ගන්න බැරිව හිටියේ. මම අවධානය යොමු කළේ මගේ ක්‍රීඩාව ගැන විතරයි. මොකද ඇය ලෝක ශූරියක්. ඇයට ඕනෙම වෙලාවක තරඟයේ වාසිය ඇය වෙතට ගන්න හැකියාව තිබෙනවා. ඒ නිසා මට ඕනෙ වුණේ මගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙන්න විතරයි”.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/Serena-Williams-Naomi-Osaka-US-Open-Final-preview.jpg”]
සාමාන්‍යයෙන් ප්‍රධාන විනිසුරන් කුසලානය පිරි නැමීමේ අවස්ථාවට සහභාගි වීම සම්ප්රදායක් වුවත් රාමෝස් එයට සහභාගී වී සිටියේ නැහැ. කෙසේ නමුත් සෙරිනා විලියම්ස් ගේ ක්‍රියා කලාපය හේතුවෙන් ඇයට ඩොලර් 17,000ක දඩයක් නියම කර තිබෙනවා. ඒ විනිසුරුට බැන වැදීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 4000ක්, බැඩ්මින්ටන් පිත්තට හානි කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ඩොලර් 3000ක් සහ වාචික බැන වැදීම් සම්බන්ධයෙන් ඇමරිකානු ඩොලර් 10,000ක් ආදි ලෙසයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/serena-williams_759_ap.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/09/serena-williams-naomi-osaka-cropped_1c8prxpdw8f5r1a9p6pb5t90pv.jpg”]
මෙම මුදල ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනයේ ග්‍රෑන්ඩ් ස්ලෑම් සංවර්ධන අරමුදල වෙත යොමු කෙරෙනවා. ඒ වගේම මෙම ශූරතාවලියේ අවසන් වටයට තේරී පත් වීම සම්බන්ධයෙන් සෙරීනා විලියම්ස් ට ඇමරිකානු ඩොලර් මිලියන 1.85 ක මුදලක් හිමි වෙන බවත් සඳහන්.
කොහොම වුණත් මේ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පිරිස් අදහස් දක්වමින් විවිධ මත පළ කර තිබුණා. සෙරිනාට, නඕමි ට විතරක් නෙවෙයි රාමෝස්ටත් මේ සිදුවීම කිසිදා අමතක නොවන බව නම් නොඅනුමානයි.
– සුපුන් භාග්‍යා වීරකෝන් –