බුදු දහමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=BFw4x1zK9a8&feature=youtu.be”]
මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයට අයත් විහාරස්ථාන සදහා කාර්යාල උපකරණ බෙදාදීමේ අවස්ථාවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. මහනුවර දිස්ත්‍රික් ලේකම් ශ්‍රවණාගාරයේ දී උත්සවය පැවැත්වුණා. මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ
අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=C9JypqFoLm0&feature=youtu.be”]
මහා සංඝරත්නය සහ මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ ද බැහැදුටුවා. අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේ සමග සුහද පිළිසඳරක ද නිරතවුණා. අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල , මලික් සමරවික්‍රම යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේ ද බැහැදුටුවා. උන්වහන්සේ රචනා කළ කෘතියක් ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීම සිදුවුණා.