Life+News The Official News Portal of Independent Television Network Ltd

බොළිවුඩයේ නවතම පෙම් යුවළ ආර්යන් – කුෂී

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2018 14:46

බොළිවුඩයේ නවතම පෙම් යුවළ ආර්යන් – කුෂී

මේ දිනවල බොළිවුඩයේ අලුත්ම පෙම් යුවළක ආගමනයක් ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉන්දියාවේ සුපිරි සිනමා පවුල් දෙකකින් පැවත එන ආර්යන් – කුෂි යුවළයි. ඉන්දීය සිනමාව හැඩ කළ සුපිරි තරුව ශ්‍රී දේවිගේ බාල දියණිය කුෂී කපූර් සහ ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන්ගේ පුතා වන ආර්යන් ඛාන් දෙදෙනා මේ දිනවල එක්ව ගමන් බිමන් යන බවත් ප්‍රිය සම්භාෂණවලට එක් වන බවටත් ආරංචි මාර්ග සඳහන් කරන අතර මේ වන විට ආර්යන් කුෂි යුවළ ජනතා ආකර්ෂණය ද වැඩි වශයෙන් දිනගනිමින් සිටිනවා.

ශ්‍රී ගේ වැඩිමහල් දියණිය ජාන්වී කපූර් රඟපෑ ධාදත් සිනමාපටය මේ වන විට අතිසාර්ථකව තිරගත වෙනවා. සිනමාවට පා තැබීමට සූදානම්වන කුෂීත් තම මවගේ සහ සොයුරියගේ අඩිපාරේ යමින් බොලිවුඩ් සිනමාව ආක්‍රමණය කිරීමටයි සූදානමින් සිටින්නේ.
මේ අතර කුෂි වැඩිපුරම රඟපෑමට කැමැත්තක් දක්වන්නේ ශාරුක්ගේ පුතා වන ආර්යන් ඛාන් සමඟ බව ඇය ප්‍රසිද්ධ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා තිබෙනවා.  ඒ අනුව ඉදිරියේදී කරන් ජෝහාර්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන නවතම අාදර කතාවේ රඟපෑමට ආර්යන් කුෂි මේ වන විට සුදානමින් සිටිනවා.

ඒ අනුව බොහෝ දෙනා බලාපොරොත්තු වන්නේ ආර්යන් කුෂි ඉන්දීය සිනමාව තුළට කළ එළි බසින නියම ගැළපීමක් බවයි. ඒ නිසා ඔවුන්ගේ කුළුදුල් සිනමාපටයට ද  රසිකයන්ගේ උණුසුම් ප්‍රතිචාර ලැබෙන බවටයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2018 14:46
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්