30 වන මහවැලි ක්‍රීඩා උළලේ ගිනි සිළුව මහවැලි H කළාපයෙන් ඊයේ ගමන් ආරම්භ කර එය සවස වැලිඔය නගරයට ළගා වුණා.
කොළඹ නිදහස් චතුරස්රයේදී මහවැලි ක්‍රීඩා උළලේ ගිනි සිළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගියදා දල්වනු ලැබුවා. එය මහවැලි ගම්මාන 111 ක් පසු කරමින් තරගාවලිය පැවැත්වෙන ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩා පිටියට ළගා වීමට නියමිතයි. මහවැලි එච් කළාපයෙන් ගිනි සිළුව රැගත් රථ පෙරහැර ගමන් ආරම්භ කලේ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
රාජ්‍ය අමාත්‍යවරයා පා ගමනින් තඹුත්තේගම නගරය පසුකරන තෙක්ම රථ පෙරහැර සමගින් ගමන්කළා. 30 වැනි මහවැලි ක්‍රීඩා උළල ලබන 15 වැනිදා ඇඹිලිපිටියේදී පැවැත්වීමට නියමිතයි.