Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජපක්ෂලා සිය බත් බැලයන්ගේම අපහාසයට සහ උපහාසයට පත්වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 19:22

රාජපක්ෂලා සිය බත් බැලයන්ගේම අපහාසයට සහ උපහාසයට පත්වෙයි

ජීවිතේ පුරාවට රටේ නායකත්වය හෙබවීමට දන්නා දහං ගැට සියල්ලම ගැසුවත් අවසානයේදී මහින්ද රාජපක්ෂ පරාජය විය. දේශපලනයේදී පරාජය වීම යනු මුළුමනින්ම විනාශ වීම නොව පසු බැසීම පමණක් විය යුතුය. පසු බැසීම ඊළඟ පියවරේදී මහා ජයග්‍රහණයක් දක්වා පෝෂණය කර ගැනිමට නම් ඊට නිවැරදි සෘජු ප්‍රතිපත්ති සහිත නායකත්වයක් තිබිය යුතුය. එහෙත් රාජපක්ෂ පවුලේම දේශපාලනය 2015 දී  පජාත විය. රාජපක්ෂ පවුලේ ආතක් පාතක් නැති රස්තියාදුව ද නාමල් රාජපක්ෂ විසින් කොළඹදී අවසන් කර දැමුවේය.

ආණ්ඩු පෙරලන්න තබා තමන්ගේ බත් බැලයන් පාලනය කර ගැනිමටවත් නොහැකි තත්වයට රාජපක්ෂලා දේශපාලනික වශයෙන් පමණක් නොව ඔවුන්ගේ නායකත්වය පවා බෙලහීන බව පෙන්නුම් කළේය.

ඇමති සාගල රත්නායක මහතා මේ රාජපක්ෂවරුන්ගේ කතාව අපුරුවට විග්‍රහ කර නිවේදනයක් නිකුත් කර තිබිණි. ඒ අනුව රාජපක්ෂවරුන්ගේ කොළඹ රස්තියාදුව මුළුමනින්ම අසාර්ථක පුස් වෙඩිල්ලකි.

මේ තීරණාත්මක පසුබෑම අවසානයේ සිදු වූයේ රාජපක්ෂලා සිය බත් බැලයන්ගේම අපහාසයට සහ උපහාසයට පත් වීමය.

දේශපාලන අහිකුණ්ඨකභාවය රාජපක්ෂ කල්ලියට අලුත් දෙයක් නොවේ. ඔවුන් හරිහමන් පක්ෂයක් හෝ අරමුණක් නැතිව මේ අහිකුණ්ඨක චාරිකාව මුලින්ම ආරම්භ කළේ නුගේගොඩිනි. එතැනින් කිරුළපනටත්, කිරුළපනින් මහනුවරටත්, මහනුවරින් ගාලු මුවදොර පිටියටත් පැමිණියහ. ඒ හැම අවස්ථාවකම ඔවුන් කිව්වේ තමන් වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමේ පළමු වෙඩිමුරය තබන බවය. එවැනි පළමු වෙඩිමුර හත අටක් මේ වන විටත් තබා ඇත. එහෙත් ආණ්ඩුව තවමත් එසේ මය. මේ වෙඩි මුර නිකම්ම පුස් වෙඩි බව තේරුම්ගන්නට කිසිවෙකුටත් අපහසුවක් නැත.

දූෂණ, වංචා සඳහා පමණක්ම වෙන්වුණු විශේෂ මහාධිකරණයත් මේ වන විට ක්‍රියාත්මකය. ඉතා ඉක්මනින් රාජපක්ෂ කල්ලියට එරෙහි සියලු නඩු අවසන් කිරීමට කටයුතු සුදානම් කර තිබේ.

තමන් නීතියත් සමග කළ හැංගිමුත්තන් සෙල්ලම තවත් වැඩි කාලයක් කරගෙන යා නොහැකි බව රාජපක්ෂලා හොඳින් දන්නේය. ඊට බය වූ රාජපක්ෂලාගේ එකම අරමුණ බත් පැකට්, මුදල්  මත්පැන්  ලබා දී, ලංකාවේ සතර දිග් භාගයෙන්ම බත් බැලයන් කොළඹට ගෙන්වා, අඩුම තරමේ තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ මෙම ‘ජනබලය’ නිසා බවට බොරුවක් මවන්නටය.

නමුත් රටේ සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ මෙම තක්කඩිකම් ඉතා හොඳින් හඳුනාගෙන ඇත. මේ සියල්ල සිදු වන අතරේ විරෝධතාවට පැමිණි ඒකාබද්ධව විපක්ෂයේ ඇතැම් නායකයන් කොළඹ තරු පහේ හෝටල් වල ඉතාම සුවපහසු කාමර වෙන් කරවාගෙන, ඉතා ප්‍රණීත කෑම බීම භුක්ති විඳිමින් හොඳහැටි විනෝද විය.

නමුත් රාජපක්ෂලාගේ ලණු කෑ බත් බැලයන්  සුරාවෙන් මත් වී බඩ ගින්නට කුණු වූ කෑම කා ලෙඩ වී මහ මඟ වැටී සිටින විට ඔවුන්ගේ පිහිටට ආවේ රාජපක්ෂලා නොවේ. රජයේ  සුව සැරිය  ගිලන් රථ සේවයයි.

රාජපක්ෂලාට අවශ්‍ය වූයේ රටේ ප්‍රධාන ආර්ථික මරමස්ථාන අල්ලාගෙන රට අරාජික වන්නට ඉඩ හැරීම බව මහින්දානන්ද අලුත්ගමගේ පවසා තිබිණි. අර්ථික මර්මස්ථාන විනාශ කිරීමෙන් පාඩු වන්නේ ආණ්ඩුවට නොව රටේ ජනතාවටය.  රාජපක්ෂලාට අවශ්‍ය වන්නේ රටේ ජනතාව වළපල්ලට යවා හෝ බලය ඩැහැ ගැනීමේ මළ පෙරේත ආසාවක් බව ඉන් පැහැදිලිය.

මේවා අහන දකිනකොට  රටේ ජනතාව රාජපක්ෂලාට ශාප කරනවා හැර ආශිර්වාද කරන්නේ නැත. කොහොම නමුත්  දැන් හොරුන්ගේ ඉන්ටර්වල් අවසන්ය.

දැනට මේ ඇති සෙස්ස පස්සට

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 19:22
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්