ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසිවන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතායි.
ව්‍යවස්ථා සංශෝධන යෝජනාවේ එකේ සිට තිස් අට දක්වා වන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන හතර සහ තිහයි දෙක යන ව්‍යවස්ථාවන් උල්ලංඝනය වන බව පෙත්සමෙහි සදහන්. එය නීතියක් බවට පත්වීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයකින් සම්මතවිය යුතු බවට ප්‍රකාශයට පත්කරන ලෙසයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ. මෙහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.