ඉඩ්ලිබ් ප්රදේශයේ පාලන බලය කඩිනමින් යළි ලබාගන්නා බව සිරියා අග්රාමාත්යවරයා ප්රකාශ කළා. එය දැනට කැරලිකරුවන් යටතේ පවතින සිරියාවේ විශාලතම ප්රදේශය ලෙසයි හදුනාගෙන තිබෙන්නේ. එළඹෙන ඕනෑම යුදමය තත්වයක් ජයග්රහණය කිරීමට සිරියාවට හැකි බව ද අග්රාමාත්ය ඉමාඩ් කාමිෂ් ප්රකාශ කළා. තුර්කිය , ඉරානය සහ රුසියාව සමග හෙට පැවැත්වෙන සාකච්ඡාවලදී යුද මෙහෙයුම් පිලිබද අවසන් එකඟතාවකට එළඹීමටයි නියමිත.