මහනුවර මහ රෝහලේ හෘද උරස් රෝග ප්‍රතිකාර ඒකකයට සහ උරස් ඛන්තුක ශල්‍ය දැඩි සත්කාර ඒකකය වෙත වෛද්‍ය උපකරණ බෙදාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේ දී පසුගියදා සිදු කරන ලදි. බෙදා දෙන ලද උපකරණ වල වටිනාකම රුපියල් ලක්ෂ 200 ක් පමණ වෙයි. මෙම අවස්ථාවට රෝහල් අධ්යක්ෂ සමන් රත්නායක, විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම යන මහත්වරුන් එක්ව සිටියහ.