ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණවලට නිරාවරණය වීමෙන් පුද්ගලයෙකු මියගිය බව ජපාන රජය පවසනවා.
මියගොස් ඇත්තේ පනස් හැවිරිදි පුද්ගලයෙක්. ඔහු 2016 වසරේ සිට පෙනහළු පිළිකාවකින් පීඩා විද තිබෙනවා. විකිරණ බලපෑමෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සේවකයින් හතර දෙනෙකු රෝගී වූ බව ජපාන රජය මීට පෙර සදහන් කළා. විකිරණ බලපෑමෙන් මරණයක් සිදු වූ බව ජපන් රජය පිළිගත් ප්‍රථම අවස්ථාව මෙයයි. 2011 වසරේදී ජපානයට ඇති වූ භූ කම්පනයකින් ෆුකුෂිමා බලාගාරයට දැඩි බලපෑම් එල්ල වුණා. අනතුරුව බලාගාරයෙන් අධික ලෙස විකිරණ කාන්දු වුණා. ඉන් පසුවද මෙම පුද්ගලයා එහි සේවය කිරීම හේතුවෙන් මෙලෙස විකිරණවලට නිරාවරණය වන්නට ඇතැයි වාර්තා වනවා. මියගිය පුද්ගලයා වෙනුවෙන් ජපාන රජය වන්දි ලබාදීමට කටයුතු කර තිබෙනවා.