සිරියාවේ ඉඩ්ලිබ් පළාතට රුසියාව ගුවන් ප්රහාර එල්ල කර තිබෙනවා. මෙම ගුවන් ප්රහාර එල්ලකර තිබෙන්නේ සති තුනකට පසුවයි. සිරියාවේ ඉඩ්ලිබ් සහ වයඹදිග ප්රදේශවල සිටින කැරළිකරුවන් ඉලක්ක කර ගනිමින් ප්රහාර එල්ලකර තිබෙනවා. කැරළිකරුවන් ඉඩ්ලිබ් පළාතේ පිහිටි රුසියා හමුදා මුරපල වෙත ප්රහාර එල්ල කර අැති අතර ඊට ප්රතිචාර ලෙසයි මෙම ප්රහාරය ඒල්ල වී ඇත්තේ. කෙසේ වෙතත් ඇමෙරිකා ජනාධිපතිවරයා අනතුරු ඇගවීමක් සිදුකරමින් පැවසුවේ සිරියාවේ ඉඩ්ලිබ් ප්රදේශය ඉලක්ක කර ගනිමින් රුසියාව, ඉරානය හා සිරියානු රජයේ හමුදා ප්රහාර එල්ල කළහොත් එය බරපතල ක්රියාවක් වනු ඇති බවයි.