ලංගම සේවකයින්ගේ වැටුප් වැඩිකෙරෙනවා. එය ලබන මාසයේ සිට ක්‍රියාත්මකයි. ලංගම වෘත්තීය සමිති සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර පැවති සාකච්ඡාවේදී මෙම එකගතාවන්ට පැමිණ තිබෙනවා. මෙම තීරණයත් සමග ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හැරීමට ලංගම සේවකයින් කටයුතු කළා.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී ලංගම සේවකයින් පසුගිය දින කිහිපයේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ සිටියා. ඒ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා සිටිමින්. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ දී අද (04) පැවැත්වුණා. ලංගම සියලු වෘත්තීය සමිති එම සාකච්ඡාවට සහභාගි වුණා. සියලුම ලංගම සේවකයින්ගේ වැටුප් වැඩිකරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/qMbE82_sBuI”]
කෙසේ වෙතත් තවදුරටත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන්නේ නම් වෙනත් පිරිස් යොදවා බස් රථ ධාවනය කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ජනතාව පත්වන අපහසුතාව පිළිබද සැලකිලිමත්වීමෙන් මෙසේ ක්‍රියාකරන බවයි අමාත්‍යවරයා කියාසිටින්නේ. තමන්ගේ වැටුප් වැඩිකිරීමට ගත් තීරණය පිළිබද වෘත්තීය සමිති නියෝජිතයින් රජයට ප්‍රසාදය පළකරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/CugHOKINMEs”],