ආනමඩුව කෝන්වැව ප්‍රදේශයේදී පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැනීම් කළ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමේදී කැනීම් සිදු කිරීම සදහා යොදාගත් උපකරණද සොයා ගැනුණා.
ග්‍රයින්ඩර් , ස්කෑනර් , ඩ්‍රිල් මැෂින් සහ විදුලි ජනන යන්ත්‍ර ඒ අතර වනවා. පුරාවිද්‍යා වටිනාකමක් සහිත බුදුපිළිම තුනක් සමග සැකකරුවන් තුන්දෙනෙකු ගලෙන් බිදුනුවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.