103 වන ජාතික ටෙනිස් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍යාමල් දිසානායක සමත් වුණා. එහි කාන්තා ශූරතාව දිනා ගත්තේ අනිකා සෙනෙවිරත්නයි. ජාතික ටෙනිස් සංගම් මූලස්ථානයේ පැවති තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හාරසියයක් එක්ව සිටියා. ඔවුන් ඉසව් 29 ක් යටතේ තරග බිමට පිවිසියා.
තරගාවලියේ පිරිමි අංශයේ අවසන් මහා තරගය පැවැත්වුණේ ශ්‍යාමල් දිසානායක හා දිනේෂ් කාන්තන් අතරයි. එහිදී වට තුනට බිංදුවක් ලෙස ශූරතාව හිමිකර ගැනීමට ශ්‍යාමල් සමත් වුණා. ශ්‍යාමල් ජාතික විවෘත ටෙනිස් ශූරතාව මෙවර දිනා ගත්තේ තුන්වන වරටයි. මේ අතර කාන්තා අවසන් මහා තරගය පැවැත්වුණේ අනිකා සෙනෙවිරත්න හා අංජලිකා කුරේ අතරයි. තරගයේ වට තුනට බිංදුවක් ලෙස කාන්තා අංශයේ ශූරතාව දිනා ගැනීමට අනිකා සෙනෙවිරත්න සමත් වුණා. ඇය ජාතික ශූරතාව දිනා ගත් පළමු අවස්ථාව මෙයයි.