ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර බන්ධනාගාරයක සිදු වූ ගැටුමකින් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
බන්ධනාගාරයේ ආරක්ෂක නිලධාරීන් සහ රැදවියන් අතරයි මෙම ගැටුම හට ගැනුනේ. පුද්ගලයින් සියයකට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. මෙම ගැටුම අතරතුරදී රැදවියන් හාරසිය දෙනෙකු පමණ බන්ධනාගාරයෙන් පළා ගොස් තිබෙනවා. පළා ගිය රැදවියන් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.