විවිධ අභියෝග හා දුෂ්කරතා මධ්‍යයේ ගතවූ වසර තුන තුළ රටේ ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීමට පියවර ගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ ඔස්සේ 2025 වන විට පොහොසත් රටක් ගොඩනගන බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.
බදුල්ල චෙන්කලඩි මාර්ගයේ බිබිල සිට චෙන්කලඩි දක්වා සංවර්ධන කටයුතු ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලේ ණය ආධාර මත , දිනන රටට හැදෙන සංකල්පය යටතේයි මාර්ගය ඉදිවන්නේ. බිබිල සිට චෙන්කලාඩි දක්වා වූ මෙම මාර්ගය කිලෝ මීටර 87 ක් වන අතර මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන නවදහස් හයසියයක්. යහපාලන ආණ්ඩුව යටතේ පදියතලාව චෙන්කලඩි මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කළ බවත් ඒ හරහා රටේ සංචාරක කර්මාන්තය සහ අනෙකුත් ක්ෂේත්රවල ශීඝ්‍ර දියුණුවක් ඇති වන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියාසිටියා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=W-GWbQuIAmA&feature=youtu.be”]
මැතිඇමතිවරුන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.