එල්ටීටීඊ සංවිධානය සතුව තිබූ අවි ආයුධ පන්දහසක් නැගෙනහිර පළාතේ මුස්ලිම් තරුණයන්ට ලබාදී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා පවසනවා. මෙවැනි අසත්‍ය ප්‍රචාර දැඩිපිලිකුලෙන් යුතුව හෙලාදකින අතර මේ පිලිබද විදිමත් පරික්ෂණයක් සිදු කළයුතු බවයි ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සදහන් කරන්නේ.
පුනරුත්තාපනය වූ විමුක්ති කොටි පක්ෂය පසුගියදා පැවැත්වු ප්රවෘත්ති සාකච්ඡාවකදී හිටපු එල්ටීටීඊ නායකයකු වන ඉන්බරාසා කන්දසාමි මෙම චෝදනාව එල්ල කර තිබෙනවා. තමන් සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා එල්ටීටීඊ සංවිධානය සතුව තිබූ අවි ආයුධ මිළදී ගෙන ඒවා නැගෙනහිර පළාතේ මුස්ලිම් තරුණයින්ට ලබා දී ඇති බවට සිදු කර ඇති එම ප්‍රකාශය තමා තරයේම ප්‍රතික්ෂේප කරන බව හිස්බුල්ලා මහතා නික්තු කළ නිවේදනයේ සදහන්. මෙවැනි චෝදනා පිසුපස රාජ්‍ය විරෝධී ජාතිවාදී යම් බලවේග පවතින බවත් මෙවැනි ප්‍රකාශ මගින් සාමාන්‍ය ජනයා කුපිත කර රටේ නැවතත් යුදමය තත්ත්වයක් ඇති කිරීම ඔවුන්ගේ උවමනාව බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කරනවා. මේ සම්බන්ධයෙන් නීතිය හා සාමය පිලිබද අමාත්‍යාංශය යටතේ පුළුල් පරීක්ෂණයක් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ද ඒ මහතා තම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.