ජර්මනියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක සිදුවූ පිපිරීමකින් දහස් ගණනක පිරිසක් දැඩි දුෂ්කරතාවන්ට ලක්වුණා.
පිපිරීම හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පිපිරීම සිදුවූ තෙල් පිරිපහදු මද්‍යස්ථානය අවට ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කිරීමට කටයුතු කෙරුණා. පිපිරීමත් සමග ඇතිවූ ගින්න විශාල ප්‍රදේශයක් කරා පැතිර ගියා. ඒ හේතුවෙන් පුද්ගලයින් 1800 ක් පමණ නිවාසවලින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ගින්න නිවීම සදහා ගිනි නිවන භටයින් 200 කට අධික පිරිසක් යොදවා තිබෙනවා.