කැලිකසළවලින් නිපදවන කාබනික පොහොර වල ප්‍රමිතිය සොයා බැලීමට විමර්ශනයක්
Related Articles
නාගරික කසළවලින් නිපදවනු ලබන කාබනික පොහොරවල කැඩිමියම් ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බවට ඇතැම් පාර්ශව විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට කරුණු ඉදිරිපත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා නාගරික කසලවලින් නිපදවනු ලබන කාබනික පොහොරවල සංයුතිය පිළිබඳව වහාම විද්‍යාත්මක විමර්ශනයක් සිදු කර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසට ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දෙනු ලැබී ය.
කාබනික ගොවිතැනට ගොවීන් නැඹුරු කරන අතරම, ඔවුන් විසින් යොදාගන්නා කාබනික පොහොරවල කැඩ්මියම් ඇතුලු බැර ලෝහවල ප්‍රතිශතය ඉහල මට්ටමක පවතී නම් එමඟින් මහජන සෞඛ්‍ය සම්පන්නභාවය උදෙසා ගැටළුවක් පැන නඟින බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
දිවයිනේ පොහොර බෙදා හැරීම සහ පොහොර භාවිතය සම්බන්ධයෙන් සතිපතා පැවැත්වෙන පොහොර සමාලෝචන රැස්වීම ඊයේ (30) දින පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණි. එම සාකච්ඡාවට පොහොර බෙදා හැරීමට අදාලව කටයුතු කරන සියලුම ආයතනවල ප්‍රධානීහු සහභාගී වූහ.
එහිදී කාබනික පොහොර සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා වූ අතර කාබනික පොහොර භාවිතයෙන් ළඟා කරගත හැකි යහ කාරණා පිළිබඳව වැඩිදුරටත් අවධානය යොමුකරන ලෙස ද එම කරුණු සෑමවිටම සහතික කර ගැනීම පිණිස කටයුතු කරන්නැයි ද අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේ ය.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment