වායු දූෂණය හේතුවෙන් මිනිස් මොළයට දැඩි අහිතකර බලපෑමක් එල්ල වන බව නවතම වාර්තාවක් මගින් පෙන්වා දී තිබෙනවා. දීර්ඝකාලයක් වායු දූෂණයට නිරාවරණය වීම හේතුවෙන් මිනිස් මොලයේ ක්‍රියාකාරිත්වයට මෙන්ම මතක ශක්තිය කෙරෙහිද අයහපත් බලපෑම් එල්ල කරන බවයි එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ.
ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක් මගින් මෙම සමීක්ෂණය සිදුකර තිබෙනවා. නිරන්තරයෙන් දූෂිත වායුව ආග්‍රහණය වීම හේතුවන් මිනිසාගේ වාචික හැකියාව මෙන්ම ගණිත හැකියාවවද අඩුවිය හැකි බව එම වාර්තාවේ සදහන්. 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලයතුළ පුද්ගලයින් 32000 ක් පමණ යොදගණමින් මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා.
.