ඉන්දියාවේ දිල්ලි නුවර ඇතුළු ප්රදේශ කිහිපයකට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජන ජීවිත අඩාල වී තිබෙනවා.ධාරානිපාත වර්ෂාවත් සමග පහත්බිම් සහ මාර්ග රැසක් ද ජලයෙන් යට වී ඇති බව සදහන්.
දිල්ලියේ සහ ගුර්ගෝන් ප්රදේශල පාසල් කිහිපයක් ද වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවාස හා දේපල කිහිපයකට ද අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අධික වර්ෂාව හා අකුණු ගැසීම හේතුවෙන් දිල්ලි ගුවන් තොටුපලේ ගුවන් ගමන් ද ප්රමාද වී ඇති බව සදහන්. පසුගිය ජුනි මාසයේ දී ද අයහපත් කාලගුණය හේතුවෙන් දිල්ලි නුවරට දැඩි බලපෑම් එල්ල වුණා.