දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වෙන කණිෂ්ඨ පාපැදි තරගාවලිය සදහා එක්වීමට නියමිත ශ්රී ලංකා කනිෂ්ඨ පාපැදි කණ්ඩායම දිවයිනෙන් හෙට පිටත්ව යාමට නියමිතයි. කිලෝමීටර් 480 ක දුරකින් යුත් මෙම තරගාවලියට රටවල් 15 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 25 ක් එක්වනවා. ශ්රී ලංකා කණිෂ්ඨ කණ්ඩායමට ක්රීඩකයින් 05 දෙනෙකු එක්වීමට නියමිතයි.
ශ්රී ලංකා පාපැදි කණ්ඩායමක් විදෙස් තරගාවලියක් සදහා මෙසේ එක්වන්නේ පළමුවරටයි. ජාතික කණිෂ්ඨ පාපැදි කණ්ඩායම සදහා ගුවන් ප්රවේශ පත්ර ජාතික පාපැදි සම්මේලනය මගින් ලබාදී තිබෙනවා. මෙම කණ්ඩායම පසුගිය දිනවල කොළඹදී පුහුණුසැසි කිහිපයක් සදහා එක්වුණා.