Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති විවේචනය නිසා මගේ ජීවිතයට මරණ තර්ජන එල්ල වෙලා – කතෝලික පූජකවරයා කියයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2018 14:46

ජනපති විවේචනය නිසා මගේ ජීවිතයට මරණ තර්ජන එල්ල වෙලා – කතෝලික පූජකවරයා කියයි

මිනිස්සු තමන්ගේ ජීවිතයට ආසයි. ආදරෙයි. හැබැයි සාමකාමීව ජීවත් වෙන්න නම් සමාජ ක්‍රමය තුළ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් තහවුරු වෙලා තියෙන්න ඕනේ.

පිලිපීනයේ වෙසෙන අමාඩෝ පිකාර්ඩල් කියන්නේ රෝමානු කතෝලික පූජකවරයෙක්.

විශේෂයෙන් ම මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ විසින් ගෙන යන නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් විවේචනය කරන්නන් අතර මෙම පූජකයා මුල් පෙළේ පසුවනවා. මෙම විවේචනයන්ගේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට තමාගේ ජීවිතයට අවදානමක් පවතින බව පූජකවරයා කියා සිටිනවා. තමා නුදුරේදීම නාදුනන තුවක්කුකරුවකුගේ ඉලක්කයක් විය හැකි බවයි ඔහු කියා සිටින්නේ.

ඊයේ අමාඩෝ පිකාර්ඩල් පූජකවරයා මධ්‍යම කෙබූ නගරයේ කතෝලික දේවස්ථානයක සංචාරයක නිරත වෙමින් සිටියදී යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙක් එම දේවස්ථානය නිරීක්ෂණය කරමින් සිට ඇති අතර එහි සිටි සේවකයන්ගෙන් පූජකවරයාගේ විස්තර හා නැවතී සිටින ස්ථාන ආදිය විමසා තිබෙන බව සඳහන්. මේ සිදුවීමෙන් පසුව පොදු මහජනයා ගැවසෙන ස්ථානවලින් මිදී වඩාත් ආරක්ෂිත  ස්ථානයකට තමා යායුතු  බවයි පූජකවරයා කියා සිටින්නේ.

” ආරක්ෂාව පිළිබඳව පැන නැගී ඇති ගැටලු නිසා මට නිදහසේ ඇවිදීම, ව්‍යායාම කිරීම හා බයිසිකල් පැදීම වැනි දේවල් නවත්වා දමන්න සිදු වී ඇති බව පෞද්ගලික බ්ලොග් අඩවියකින් අසන ලද ප්‍රශ්නවලට ඊමේල් පණිවුඩයකින් පිළිතුරු දෙමින් කියා සිටියා. ” මේ වන විටත් මම මගේ වාසස්ථානය අතහැර ගොස් මෙම ඝාතකයන්ගෙන් බේරී සිටිය හැකි ආරක්ෂාකරී ස්ථානයක සිටිනවා. මම විශ්වාස කරනවා තවදුරටත් ජීවත් වීම සඳහා එය සාර්ථක උපක්‍රමයක් වේවි කියලා.” පූජකවරයා වැඩි දුරටත් කියා සිටියා.

63 හැවිරිදි පූජකවරයා පැවසුවේ, ඩුටර්ටේගේ මැතිවරණ ව්‍යාපාරය තුළ සිදු වූ ඝාතන සිද්ධි වාර්තා කිරීම සඳහා ඔහු උදව් කළ බවත්,  ඩුටර්ටේ නගරාධිපතිවරයාව සිටි සමයේ දකුණු  ඩවායෝ නගරයේ සිදු වූ අපරාධ හා නීති විරෝධී ක්‍රියා සිදු වූ බවටත් ඔහු තවදුරටත් විවේචනය කරනවා. යම් හෙයකින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය (International Criminal Court)  හමුවේ පිලිපීන ජනාධිපතිවරයාගේ මෙම සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් විභාග කරන්නේ නම් තමන් ඊට සහාය පළ කිරීමට කැමති බවයි.

කෙසේ නමුත් රොඩ්රිගෝ ඩුටර්ටේ විසින් මේ චෝදනා ප්‍රතික්ෂේප කරන අතර 2016 වසරේ මැද භාගයේ ඔහු ජනාධිපති ධුරයට පත් වීමත් සමඟම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මිය ගිය  සැකකරුවන් 4500 ඉක්මවන බව පිලිපීන පොලිසිය නිළ වශයෙන් නිවේදනය කර තිබුණා. International Human Rights Watch පවසන්නේ මෙම මිය ගිය අය අතර කුඩා දරුවන් හා අහිංසක සිවිල් වැසියන් ද සිටින බවයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2018 14:46
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්