ඉදිරි දින කිහිපය තුළ තවත් ඖෂධ වර්ග 26 ක මිළ අඩුකරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනයද සතියක් තුළ ආරම්භ කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.
අමාත්‍ය රාජිත සේනාරත්න,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=vRrTs1vMRJk&feature=youtu.be”]
සණස 40 වන සංවත්සරයට සමගාමීව පැවති සභාපති සම්මේලනයට සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. නෙළුම් පොකුන රගහලේදී පැවති සම්මේලනයට සණස සමිති සභාපතිවරුන් දහසක් පමණ සහභාගී වුණා. සණස පිළිබද රචිත ග්රන්ථ එළිදැක්වීම ,සමරු මුද්දරයක් නිකුත් කිරීම සහ සණස සේවක උපහාරයක්ද මෙහිදී සිදු කෙරුණා. සණස නිර්මාතෘ පී.ඒ කිරිවන්දෙණිය මහතා සහ විද්වතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.