ඇතැමුන් ජනතාව මුලාකර ආණ්ඩුව පෙරළීමට උත්සාහ කළ ද ඉන් ඵලක් නොවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. යහපාලන රජය ජනතාව සමග දිනෙන් දින ඉදිරියටම ගමන් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ත්‍රිකුණාමලය මුතූර් කිලිවෙඩ්ඩි ප්‍රදේශයේ ඉදිකෙරුණු මුත්තුමාරිනගර් උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 110 වන ආදර්ශ ගම්මානය මෙයයි. ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 330ක්. විසිරි නිවාස ණය හා සොදුරු නිවාස ණය ප්රදානය ඇතුලු වැඩසටහන් කිහිපයක් ද මීට සමගාමීව ක්‍රියාත්මක කෙරුණා. මහජන නියෝජිතයින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස,
[ot-video type=”youtube” url=”https://youtu.be/RbqOBB9U6oU”]