දැඩි විවේචන මධ්‍යයේ ආරම්භ කළ සුවසැරිය ගිලන් රථ සේවාවෙන් අති විශාල පිරිසකට මේ වන විටත් සේවා සපයා තිබෙනවා. ඉන්දීය රජයේ මූල්‍යාධාර මත මීට වසර දෙකකට පෙර සුවසැරිය ගිලන් රථ සේවාව ආරම්භ කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ආරම්භ කෙරුණු මෙම සේවාවෙන් මේ වන විට බොහෝ දෙනාගේ ජීවිත සුවපත් කිරීමට හැකිව තිබෙනවා. 1990 හදිසි ඇමතුම් අංකයට ඇමතීමෙන් සුව සැරිය සේවාව ලබා ගත හැකියි. බණ්ඩාරවෙල සහ ඇල්ල පොලිස් ස්ථාන වෙත සුවසැරිය ගිලන් රථ ලබා දීම නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙලදී සිදු කෙරුණා.
නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා,
[ot-video type=”youtube” url=”https://youtu.be/b35oMUWQ2Qw”]
සුවසැරිය ගිලන් රථ සේවාව තම ප්‍රදේශවලට ලබා දීම සම්බන්ධයෙන් ජනතාව රජයට ස්තූතිය පළ කළේ මේ අයුරින්.
[ot-video type=”youtube” url=”https://youtu.be/q7HqssEiix8″]