මින්නේරිය නගරයේදී සිදු වු රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.තවත් හතර දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව පොලිසිය ප්රකාශ කළා.
කොළඹ මඩකලපුව ප්රධාන මාර්ගයේ මින්නේරිය නගරය ආසන්නයේදී අනතුර සිදු වුණේ. මහනුවර සිට කදුරුවෙල බලා ධාවනය වෙමින් තිබු වෑන් රථයක් මාර්ගය අසල තිබු ගසක වැදිමෙන් අනතුර සිදුව තිබෙනවා. එහිදි වෑන් රථයේ සිටි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වු අතර බරපතල තුවාල ලැබු හතර දෙනෙකු පොලොන්නරුව මහා රෝහලට ඇතුළත් කෙරුණා. ඔවුන් දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවයි රෝහල් වාර්තා සදහන් කරන්නේ.
තංගල්ල හම්බන්තොට ප්රධාන මාර්ගයේ පිහිටි නොනාගම වැව් වංගුවේදී මෝටර් රථයක් වැවට පෙරළි තිබෙනවා. එහි ගමන්ගත් කාන්තාවක සහ දරුවෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
මේ අතර හලාවත බංගදෙණිය වෙහෙරකැලේ ප්රදේශයේ සිදු වු අනතුරකින් තුන් දෙනෙකු තුවාල ලැබුවා. ලොරි රථ දෙකක් එකිනෙක ගැටිමෙනුයි අනතුර සිදු වුණේ. එක් ලොරි රථයක් ගවමස් ප්රවාහනය කරමින් තිබි ඇති අතර අනතුරින් පසු එහි රියදුරු පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා. අනතුරත් සමග එක් ලොරි රථයක් පසුපසට විසි වී දුරකතන කණුවකද ගැටී තිබෙනවා.
හොරණ මහරගම ප්රධාන මාර්ගයේ ඉදි කරමින් පවතින පාලමක් මතදී කන්ටේනර් රථයක් අනතුරට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය අඩාල වී ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස ජනතාවට දැනුම් දෙනවා. එම රථයේ රියදුරු බීමතින් සිට ඇති බව මුලික පරික්ෂණ වලදී හෙළි වු බව පොලිසිය ප්රකාශ කළා.