සහතික මිලට වී මිලදී ගැනීමට රජය ඉදිරිපත් වීමත් සමග පෞද්ගලික අංශය වැඩි මිලකට ගොවීන් වෙතින් වී මිලදී ගැනීමට යොමු වී තිබෙනවා.
රජයේ මැදිහත් වීම යටතේ සම්බා වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 41ක සහතික මිලකටයි මිලදී ගැනෙන්ණේ. නාඩු වී කිලෝවක් රුපියල් 38ක සහතික මිලකට රජය මිලදී ගන්නවා. අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පමණක් වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන විසි තුනක් රජය විවෘත කර ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. රජයේ සහතික මිල නිසා වී මිලදී ගැනීම සදහා පෞද්ගලික වෙළෙදුන් අතර තරගයක් ඇති බව ගොවීන් පවසනවා. මේ නිසා පෞද්ගලික වෙළෙදුන් කුඹුරටම පැමිණ වී මිලදී ගන්නා තත්ත්වයක් ඇති වී තිබෙන බවයි ඔවුන් කියා සිටින්නේ. වී මිලදී ගැනීම සදහා රජයේ ගබඩා විවෘත කර තිබුණද වී අලෙවි කිරීමට ගොවීන් මේ වන තෙක් එම මධ්‍යස්ථාන වෙත පැමිණ නැති බව අනුරාධපුර වී අලෙවි මණ්ඩලය සදහන් කරනවා.