ඇමෙරිකා ජනාධිපතිවරණ අපේක්ෂයකු මෙන්ම වියට්නාම යුද ප්‍රවීණයකු වූ සෙනෙට් සභික ජෝන් මැකේන් අභාවප්‍රාප්ත වුණා.
ඔහු මිය යන විට අසූඑක් වන වියෙහි පසුවුණා. 2008 වසරේදී පැවති ඇමෙරිකා ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස ඔහු ඉදිරිපත් වුණා. එහිදි ඩිමොක්‍රොටික් අපේක්ෂක බැරැක් ඔබාමා හමුවේ ඔහු පරාජයට පත් වුණා. ජෝන් මැකේන් දශක තුනකට අධික කාලයක් ඇමෙරිකා සෙනෙට් සභිකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මැකේන්ගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.