Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ 5ක් පොලිස් දැලේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2018 09:39

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ 5ක් පොලිස් දැලේ

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිළධාරින් කළ වැටලිමකදී ඔවුන් අත්අඩංගුවට ගැනුණේ.

මොරටුව ලුනාව ප්‍රදේශයේ නිවසක ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන බවට පොලිසියට තොරතුරක් ලැබි තිබුණා. ඒ අනුව කළ වැටලිමේදී රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු පහලොවක් සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත්තා. නෝට්ටු  මුද්‍රණයට යොදාගත් ලැප්ටොප් පරිගනක යන්ත්‍රයක් , ස්කෑනර් යන්ත්‍රයක්, මුද්‍රණ යන්ත්‍රයක් , යතුරුලියනයක් සහ ව්‍යාජ රබර් මුද්‍රා කිහිපයක් පොලිස් භාරයට ගැණුනා. අත්අඩංගුවටගත් සැකකරුවන් වයස අවුරුදු තිස්නවය, හතලිස් එක , තිස් තුන සහ තිස් හත වයස්වල පසුවන්නන්. සැකකරුවන් පිලිබද කළ පරික්ෂණ වලදී හෙළි වී ඇත්තේ ඔවුන් රජයේ සහතික සහ අධ්‍යාපන සහතික ව්‍යාජ ලෙස මුද්‍රණය කර ඇතිබවයි. සැකකරුවන් මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2018 09:39
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්