ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කළු සාගර නැමැත්තාගේ සමීපතම සහයකයෙකු පන්නිපිටියේදි අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වුණා. ඒ මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදි. ඔහු ළඟ තිබී භෙරොයින් ග්‍රෑම් 75 යි මිලි ග්‍රෑම් 63ක් සමඟ ජංගම දුරකථන දෙකක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා. ඔහු ගමන් කළ යතුරුපැදිය ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නෙ.
34 හැවිරිදි සැකකරු මහරගම පදිංචිකරුවෙක්. ඔහු ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කෙරෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.