සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ සේවය ස්ථිර කිරීමේ වැඩපිළිවෙල යටතේ තවත් පිරිසකගේ සේවය ස්ථිර කිරීම පසුගියදා වැලිඔය සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ දී පැවැත්වුණා.
මීට පෙර පැවති ආණ්ඩුවල සිටි මැති ඇමතිවරුන් ද මැතිවරණ අවස්ථා කිහිපයකදීම මෙම නිලධාරීන්ගේ පත්වීම් ස්ථීර කරන බව පවසමින් ඡන්ද ප්රචාරක කටයුතුවල යොදවා තිබුණා. වසර 34කට පසු මෙම සිවිල් ආරක්ෂක නිලධාරීන් පිරිස ස්ථිර තනතුරක පිහිටුවමින් පත්වීම් ලිපි ලබා දී තිබෙන්නේ වත්මන් රජයේ මැතිවරණ පොරොන්දුවක් ඉටුකරමිනුයි. පත්වීම් ලිපි ප්රදානය සිදු කෙරුණේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් නිර්මාල් කොස්වත්ත මහතා අතින්.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=qXJgW32-W3E&feature=youtu.be”]
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=-PDNM_R5h10&feature=youtu.be”]