Life+News The Official News Portal of Independent Television Network Ltd

‘මං කෙළින් මිනිහෙක්‘ තහනම ඉවතට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2018 18:04

‘මං කෙළින් මිනිහෙක්‘ තහනම ඉවතට

අසංක සායක්කාර නාට්‍යවේදියාගේ  ‘මං කෙළින් මිනිහෙක්‘ නාට්‍යයට පනවා තිබූ වාරණය ඉවත් කිරීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ. එම මණ්ඩලයේ සභාපති සමන් අතාවුදහෙට්ටි මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් වේ. එම නිවේදනයේ මෙසේ සඳහන් ය.

“අසංක සායක්කාරගේ මං කෙළින් මිනිහෙක් නාට්‍යය සඳහා නිකුත් කළ බලපත්‍රය 2018 අගෝස්තු 17 දින යළි කැඳවන ලදි.

ඊට හේතු වූයේ, වැඩිහිටියන්ට සීමා වූ නාට්‍යයක කොටස් මාධ්‍ය ඔස්සේ සමස්ත සමාජය වෙත මුදා හැරීම සහ අනුමත පිටපතෙහි නැති දෙබස් නාට්‍යය සඳහා යොදාගැනීම ය. මේ පිළිබඳව අප නාට්‍යයේ අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායම සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළෙමු. ඉන්පසු වෙනස් කළ දෙබස් සහිත පිටපතක් සමීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු අතර, ඒ පිටපත සඳහා වැඩිහිටියන්ට පමණයි බලපත්‍රයක් මණ්ඩලය මගින් නැවත නිකුත් කෙරිණි.”

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අසංක සායක්කාර මහතා ඇතුළු නාට්‍ය කණ්ඩායමේ එකඟත්වය ඇතිව නිවේදනය නිකුත් කරන බවයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2018 18:04
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්