පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳ සීමා නීර්ණ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කරන බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කළා. අනිද්දා (24) වනවිට ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමයි සැලැස්ම. රට පුරාම කොට්ඨාස 22ක් නීර්ණය කර තිබෙනවා. වාර්තාව සම්මත වුවහොත් ඡන්දය පැවැත්වීමේ හැකියාව මැතිවරණ කොමිසමට ලැබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා. මහ මැතිවරණය පිළිබඳව ද යෝජනාවක් ව්‍යවස්ථා සම්පාදක කටයුතු පිළිබඳ කමිටුවට ලැබී තිබෙනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් එකඟතාවකට මෙතෙක් පැමිණ නැහැ. පක්ෂ නායක හමුවක් කැඳවා කඩිනමින් මැතිවරණය පැවැත්විම සඳහා යෝජනා ඉදිරිපත් කරන බවයි පාඨලි චම්පික රණවක මහතා පවසන්නේ.