ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානි ජාතිය අමතමින් සිටින අවස්ථාවේදී ජනාධිපති නිල නිවස ආසන්නයට රොකට් ප්‍රහාර එල්ල වුණා. රොකට් ප්‍රහාර නවයක් පමණ එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
හජ් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් ඇෆ්ගනිස්තාන රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් සිටින අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා. එමෙන්ම කාබුල් අගනුවර ආරක්ෂක අංශ හා සටන්කාමීන් අතර වෙඩි හුවමාරුවක්ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයා හජ් උත්සවය වෙනුවෙන් සටන් විරාමයක් ඊයේ ප්‍රකාශයට පත් කළා. එහෙත් තලෙයිබාන් සටන්කාමීන් එය ප්‍රතික්ෂේප කරමින් මෙසේ ප්‍රහාර එල්ල කර තිබෙනවා. එමෙන්ම තලෙයිබාන් සටන්කරුවන් හජ් වන්දනාවේ නිරත වු පුද්ගලයන් දෙසිය දෙනෙකු පමණ රැගත් බස් රථ තුනක් පැහැර ගත්තා. ඔවුන් අතුරින් විසි දෙනෙකු රදවාගෙන ඇති අතර සෙසු පිරිස නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.