දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක කැරම් ශූරතාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සුභ පැතුම් එක් කළා. ලබන 24 වැනිදා සිට ආරම්භ වන ලෝක කැරම් ශූරතාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙකු සහභාගී වීමට නියමිතයි.
කණ්ඩායම් ප්‍රධානියා ලෙස තරගාවලියට එක්වන්නේ ජාතික කැරම් සම්මේලනයේ සභාපති පරාක්‍රම බස්නායක මහතායි. තරගාවලිය සදහා විනිසුරුවරයකු ද ශ්‍රී ලංකාවෙන් එක්වීමට නියමිතයි. මෙම කණ්ඩායම් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් අද පිටත්ව යාමට නියමිතයි.