හොලිවුඩයේ සටන් නළුවන් අතර මුල් තැන ගන්නා නළුවෙක් විදියට ජැකී චෑන් හඳුන්වන්න පුළුවන්.
63 හැවිරිදි ජැකී චෑන් ගේ සිනමා දිවියේ අලුත් පිටු පෙරළෙනතුරු ඔහුට ආදරය කළ රසිකයන් සිටියේ බලාපොරොත්තු බොදි බැඳගෙනයි.
හැබැයි ඒ හැම බලාපොරොත්තුවක් ම බිඳ දමමින් ජැකී චෑන් සටන් ජවනිකා වලින් සමු ගන්නා බව ලෝකයටම කියා තිබෙනවා.
සටන් නළුවා යන භූමිකාවෙන් ඔබ්බට ගිය චරිතවලට එක් වීම සිය අරමුණ බව ඔහු කියා තිබෙනවා.