ඉන්දයාවේ චෙන්නායි කොවාලාම් මුහුදු තීරයේ පැවති විවෘත රළ මත ලිස්සා යාමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ලක්ෂිත මධුෂාන් දෙවැනි ස්ථානය දිනාගැනීමට සමත්වුණා.
තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වූ කණ්ඩායම රිදී පදක්කම ඇතුළුව මුල් ස්ථාන තුනක් දිනාගැනීමට සමත්වීම කැපී පෙනුනා. තරගාවලියේ රිදී පදක්කම ලක්ෂිත මධුෂාන් දිනාගනිද්දී ලෝකඩ පදක්කම හිමිවූයේ ලෝසිත ප්රභාත්ටයි. තරගාවලියේ 04 වැනි ස්ථානය ප්‍රනීත් සදරුවන් හිමිකරගත්තා. මෙම කණ්ඩායම අද අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණියා.