ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද වීදි සංචාරය කිරීමට නියමිතයි.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය මේ දින වල පැවැත්වෙනවා. එහි හතරවන කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා. එය දළදාවීදිය , ඊ.එල් සේනානායක වීදිය , රජවීදිය ඔස්සේ පැමිණ ගෙවැදීම සිදුවුණා. සිංහරාජා හස්තියා කරඩුව වැඩම කරවු අතර මියන්රාජා සහ බුරුම රාජා යන හස්තීන් දෑලේ ගමන් කළා. සාම්ප්‍රදායික නර්තන ඇතුළු අංග රැසකින් සමන්විත වූ පෙරහැර නැරඹීම සදහා විශාල පිරිසක් පැමිණ සිටියා. අවසන් කුඹල් පෙරහැර අද රාත්‍රියේ විථී සංචාරය කිරිමට නියමිතයි.
මේ අතර ඇසළ මංගල්‍යය වෙනුවෙන් සහභාගි වන සැදැහවතුන්ගේ පහසුව සදහා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හෙට සිට ලබන 25 වනදා දක්වා කොළඹ සිට මහනුවර දක්වාත් මහනුවර සිට කොළඹ කොටුව දක්වාත් එම දුම්රි සේවාව ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.