ජාතික නූතන පංච ප්රයාම සංගමය සංවිධානය කළ ලේසර් රන් ජාතික තරගාවලියේ හතරවන අදියරේ පිරිමි ශූරතාව දිනාගැනීමට ඒ. එස්. නිලවීර ක්රීඩකයා සමත්වුණා. එහි කාන්තා ශූරතාව හිමි වුයේ චාන්දනී මධුවන්ති ක්රීඩිකාවටයි.
බණ්ඩාරගම ක්රීඩා පිටියේ පැවැති තරගාවලියට ක්රීඩක ක්රීඩිකාවන් 195 දෙනෙකු එක්ව සිටියා. ඔවුන් වයස්කණ්ඩ හතරක් හා විවෘත අංශය යටතේ තරග බිමට පිවිසියා. මීටර් 100ක දුරක් දිව ගොස් ඉලක්කයට වෙඩි තබා යළි මීටර් 800ක දුරක් දිවයාම විවෘත තරග අංශයට ඇතුළත්. එහි පිරිමි අංශයේ අනුශුරතාව සුරේෂ් කැළුම් දිනාගත් අතර විවෘත කාන්තා අංශයේ අනුශූරතාව කුමාරි දසනායක ක්රීඩිකාවට හිමි වුණා.