ගැහැණුන්ගේ බෙල්ල දිගු වන තරමට ගැහැණුන්ගේ අලංකාරය හා සුන්දරත්වය වැඩි වන බව මියන්මාරයේ ඉපැරණී ගෝත්‍රයක් වන කායන් ගෝත්‍රයේ විශ්වාසය යි. ඒ නිසා කායන් ගෝත්‍රයේ ගැහැණුන් කුඩා කල සිටම තම තමන්ගේ ගෙල දිගු කිරමේ වෑයමේ නියැළෙනවා. කුඩා කල සිටම ඔවුගේ ගෙල වටා ලෝහ මුදුවක් පැළදිමෙන් එය ආරම්භ කරනවා. බෙහෝ විට ඒ කුඩා ගැහැණු දරුවන්ට වයස අවරුදු 5 පටන් ගනිද්දීමයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/4271356269466415928.jpg”]
එම ගැහැණුන් කායන් ගෝත්‍රයේ ගැහැණු බව ඔවුන්ගේ ඇඳුමින් පැළඳුමින් දුටු සැනින් හඳුනාගන්න පුළුවන්. එම්බ්‍රොයිඩර් කරන ලද ඇඳුමින් සැරසුණ ඔවුන් හඳුනාගැනීම සඳහා පහසුම ක්‍රමය ගෙලවට පළඳන පිත්තල වළලුයි. මුලින්ම ගැහැණු දරුවකුට වයස අවරුදු පහ වන විට ඇගේ ගෙලේ මෙම පිත්තල වළලු පළඳන්නට පටන් ගන්නවා. ඇය වයසින් වැඩි වන්නට ඇගේ ගෙලට පළඳන වළලු ගණන ක්‍රමයෙන් වැඩි කරන අතර ඇය තරුණ වියට පත්වන විට ඇගේ ගෙල පිරෙන්නට වළලුය දකින්න පුළුවන්. සාමාන්‍ය වැඩිහිටි කාන්තාවකගේ ගෙලෙහි ඇති සම්පුර්ණ පිත්තල වළලුවල බර කිලෝ 10ක් පමණ වනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/b8cb4e8ddf95c20260e8f2196d2fa8cb6dc4ce66.jpg”]
මෙම වළලු සාදා ගන්නේ ද කාන්තාවන් විසින්මයි . ඒ සඳහා ඔවුන්ට විශාල කාලයක් ගත වෙනවා. එමෙන්ම එය පහසු කාර්යක් නෙවෙයි. ඔවුන් මේ වළලු ගලවා දාන්නේ කළා තුරකින්. එසේ කිරිම ද එය ඉතා වේදනාවක් මෙන්ම තුවාල සිදුවන කාර්යයක්. එමෙන්ම ඔවුන්ගේ බෙල්ල දහඩිය දැමීමෙන් සහ වාතාශ්‍රයක් නොලැබිම නිසා දැඩි අවපහ ගැන්වූ ස්වභාවයක් දකින්න පුළුවන්.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/505290412-首長族-女-首輪-ブレスレツト-包装.jpg”]
සිය ජීවිතයේ වැඩි කාලයක් මෙසේ පිත්තල වළලුවලින් සිය ගෙල සරසාගෙන සිටීමෙන් එය නොමැතිව සිටීම අපහසු කරුණක් වී ඇති බවයි කායන් ගැහැණු පවසන්නේ.. එම ගැහැණු උයන්නේ පිහන්නේ ද ගමන් යන්නේද පමණක් නොව කන්නේ බොන්නේ ද සිය ජීවිකාවන් කරන්නෙද මේ කිලෝ ගණනක් බර වළලු සිය ගෙලෙහි පළදවාගෙනය නැත්නම් උරහිස් මත දරාගෙනයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/Woman-playing-guitar.jpg”]
කායන් ගැහැණුන් වළලු පැළඳිය යුතුමැයි කියා නීතියක් එවුන්ගේ ගෝත්‍රය විසින් පිළිගන්නට හේතුව කුමක් දැයි යන්න නිශ්චිතවම පැහැදිලි නොවුණත් ඒ පිිළිබඳව විවිධ මතවාද නම් තිබෙනවා.
එසේ බෙල්ල දිගු වූ විට කායන් ගෝත්‍රයේ වීරයෙක් වූ මකරා සංඛේතවත් කරනන්ට කාන්තාවන්ට මෙම ගෙළ පළඳනා නීතිය අනිවාර්ය වූ බවට එක් හේතුවක්.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/long-neck-tribe-burma.jpg”]
තවත් ආසන්නම හේතුවක් වන්නේ අනෙකුත් ගෝත්‍ර හා සැසඳිමේදී ඉතා තේජාන්විත පෙනුමක් ඇති කරගැනීම සඳහා ඔවුන් එසේ කළ බවයි. එසේ කිරීමෙන් අනෙක් ගෝත්රිකකයන් සිය වහල් කමේ යොදවා ගන්නට හැකි වන බව එහි අරමුණයි.
සමහර කාන්තාවන්ට ඔවුන් කුඩා වයසේ දී පැළඳවු කර වළලු ඔවුන්ගේ සමතුලට කාවැදී තිබෙනවා. ඒවා ඉවත් කරන්නට නම් ඔවුන්ට වෛද්‍ය සහය පැතීමට සිදු වෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/download-1.jpg”]
මේ කායන් ගෝත්‍රිකයන් පාඩෝන්ග් Padaung, නමින්ද හඳුන්වන අතර 2004 වසරේ දී කරන ලද ගණනය කිරිම්වලට අනුව කායන් ජනගහණය 130000ක් . අද වන විට විශේෂම කරුණ වන්නේ කායන් ගෝත්‍රිකයන් ජීවත් වන ප්‍රදේශත් ඔවුනුත් ඉතා ජනප්‍රිය සංචාරක ආකර්ෂණයන් බවට පත්ව තිබීමයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/25307341006_610e3d5dd0_b.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/25037963530_2cd4948a06_b.jpg”]
-ශානිකා රත්නායක-