විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන්, ඒකාබද්ධ විපක්ෂය ගෙන ගිය මාධ්‍ය සන්දර්ශනය අවසන් වී තිබෙනවා. හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වුවත් විපක්ෂ නායක ධූරය හිමි නොවන බවයි.
පාර්ලිමේන්තු සම්ප්රදාය හා ස්ථාවර නියෝග පිළිබද දැනුමක් හා අවබෝධයක් ඇති මහින්ද රාජපක්ෂ මහතා තමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයට ,විපක්ෂනායක ධූරය කිසිසේත් ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව දැන සිටියා. එහෙත් මෙලෙස ක්‍රියාත්මක වූයේ ඒකාබද්ධ විපක්ෂය තුළ හට ගෙන ඇති අභන්තර අර්බුද හා රාජපක්ෂවරුන්ට එරෙහිව දිනෙන් දින එල්ලවන චෝදනා සිද්ධීන් යටපත් කරමින් ජනමතය වෙනස් කිරීමේ අරමුණ සහිතවයි. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලිඛිතව ස්වාධීන වීම සම්බන්ධයෙන් ඉල්ලා සිටිය හොත් ඊට අනුමැතිය ලබා දෙන බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=aj3t_s6VJow&feature=youtu.be”]
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඊයේ අභියෝගයක් කළා. ඒ පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව හැකිනම් කතානායකවරයාට ලිඛිතව දැනුම් දෙන ලෙසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Kghi2CBFiBY&feature=youtu.be”]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධානීන් කරන මෙවැනි අභියෝග හමුවේ ස්වාධීන වීම සම්බන්ධ සන්දර්ශනය තවදුරටත් සිදු කළ නොහැකි බවට මහින්ද රාජපක්ෂ මහතා තේරුම් ගෙන සිටිනවා. ඒ හේතුවෙන් මීගමුවේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් නැති බවයි.
හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=m43Onvcd6e0&feature=youtu.be”]
ඒකාබද්ධ විපක්ෂය ස්වාධීන වීම සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් ද අදහස් පළකලා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=UsukXKFyfhM&feature=youtu.be”]