77 වන ලේට්න් කුසලාන බොක්සිං තරගාවලියේ තවත් මූලික අදියරේ තරග රැසක් අද දිනයේත් කොළඹ රාජකීය විද්‍යාලීය බොක්සිං පිටියේ දී පැවැත්වීමට නියමිතයි. මෙවර තරගාවලිය සදහා ක්‍රීඩකයින් එකසිය දෙදෙනෙකු එක්ව සිටිනවා. ක්‍රීඩිකාවන් 36 දෙනෙකු එක්ව ඇත්තේ බර පන්ති දහයක් යටතේයි. ආධුනික, අතරමැදි හා ජාතික කණිෂ්ඨ බොක්සිං තරග වලදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට එක්ව සිටිනවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර බොක්සිං තරග සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිත ගත කිරීමට මෙම තරගාවලියේ දක්ෂතාද උපයෝගී කර ගන්නා බවයි ජාතික බොක්සිං සම්මේලනය පවසන්නේ.