කේරලයේ ජල ගැලීම්වලින් මියගිය ගණන 67 දක්වා ඉහල ගොස් තිබෙනවා. අධික වර්ෂා තත්වය සමස්ත ප්‍රාන්තයටම බලපා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. එක්ලක්ෂ පනස් දහසකට වැඩි පිිරිසක් අවතැන්ව සිටිනවා. පාසල් ඇතුලු අධ්‍යාපන ආයතන වසාදැමීමටයි බලධාරීන් පියවර ගත්තේ. ඉතිහාසයේ පළමුවරට ප්‍රාන්තයේ පිහිටි ජලාශ තිස් නවයෙන් තිස්පහකම දොරටු විවෘත කිරීමට සිදුව ඇති බවයි බලධාරින් සදහන් කළේ. දිස්ත්‍රික් 14 කට රතු නිවේදන නිකුත්කර තිබෙනවා. ප්‍රවාහන කටයුතු ද මුළුමණින්ම අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ. කෝචි ජාත්‍යන්තර ගුවන් තොටුපොල ආශ්‍රිතව ද ගංවතුර පවතින බැවින් ලබන සෙනසුරාදා පස්වරුව වනතෙක් ගුවන් ගමන් නතර කර ඇති බව ඉන්දීය ගුවන් තොටුපොල බලධාරීන් ප්‍රකාශ කළා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/kerala-rain-7591.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/muvattupuzha-river-759.jpeg”]