වැඩි කළ ස්ථානීය දඩ මුදල් අඩු කරන ලෙස ඉල්ලා පෞද්ගලික බස් රථ රියදුරන් පිරිසක් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කරන බව නිවේදනය කරනවා. වර්ජනයට මුහුණ දීමට සූදානම් බවයි රජය අවධාරණය කරන්නේ.
කුමන බාධක මධ්‍යයේ වුව ද වර්ජනය ක්‍රියාත්මක කරන බවයි පෞද්ගලික බස් රථ සේවක සංගමයේ සංවිධායක යූ කේ කුමාරරත්න මහතා පවසන්නේ. රියදුරන් සිදු කරන වැරදිවලට අය කරන දඩ මුදල් වැඩි කිරීමට එරෙහිවයි මොවුන් වර්ජනයකට සූදානම් වන්නේ. සෑම රියදුරෙකුටම මෙය අදාළ වන බැවින් සියලු රියදුරන් ඊට එක්වන බවයි ඔහු කියාසිටින්නේ. එහෙත් නීතිගරුක හා විනයගරුක රියදුරන්ට දඩ ගෙවීමට සිදුවන්නේ නැති බැවින් සියලු රියදුරන් එකම පිරිසක් සේ සැලකීම පිළිබඳ බොහෝ දෙනා විරෝධය පළ කරනවා.
ජනතාව,
[ot-video type=”youtube” url=”https://youtu.be/LBuJRc8bxyU”]
කෙසේ වුව ද ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ඇතුලු බස් සංගම් කිහිපයක් මෙම වර්ජනයට එක් වන්නේ නැහැ.
ගැමුණු විජේරත්න-සභාපති-ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගෙ සංගමය,
[ot-video type=”youtube” url=”https://youtu.be/bSUY83ATiVo”]
ලබා දී ඇති නිදහස ඇතැමුන් වැරදි ලෙස භාවිත කිරීම හේතුවෙන් මෙවැනි වර්ජනවලට පෙළඹෙන බවට ද චෝදනා එල්ල වනවා. වර්ජනය කිරීමට අයිතියක් පැවතිය ද එහි සාධාරණයක් පැවතිය යුතුයි. වැරදි ලෙස රිය ධාවනය කරන්නේ නැත්නම් කිසිදු රියදුරෙකුට බිය විය යුතු නැහැ.
අමාත්‍ය රාජිත සේනාරත්න,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=q6rD1jpqmeA&feature=youtu.be”]
වර්ජනයට සූදානම් වන බස් සංගම්වලට සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙසට දැනුම් දුන්න ද ඒ සියල්ල නොසලකා හැර තිබෙනවා. ඒ අනුව වර්ජනය පිටුපස වෙනත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට ද සැක මතු වනවා. කෙසේ වුව ද මෙවැනි පටු අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක කරන වර්ජනවලට මුහුණ දීමට රජය සූදානම් බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා කියාසිටිනවා.
නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ,
[ot-video type=”youtube” url=”https://youtu.be/ff4gzaF_26Y”]