Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුරු වැටුප් නතර කරන බවට පළ වන වාර්තා අසත්‍යයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2018 11:33

ගුරු වැටුප් නතර කරන බවට පළ වන වාර්තා අසත්‍යයි

නිවාඩු මාසවලදී ගුරු වැටුප් නතර කරන බවට අන්තර්ජාල මාධ්‍ය හරහා පළ වන වාර්තා මුළුමණින්ම අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

නිවාඩු මාසවලදී ගුරුවරුන්ගේ වැටුප් නතර කරන බවට බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළ බවට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබෙනවා. මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමේ සූදානමක් පවතින බවටයි වාර්තා කර ඇත්තේ. වෙබ් අඩවියක පළ වූ මෙම පුවත කිසියම් කණ්ඩායමක් මුදල් ගෙවා ෆේස් බුක් සමාජ ජාල ඔස්සේ ව්‍යාප්ත කිරීමේ උත්සාහයක් පවතින බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. එක්තරා පුවත්පතකින් මෙම ප්‍රවෘත්තිය ලබාගත් බවට වෙබ් අඩවියේ සඳහන් වුව ද එම පුවත්පතේ මෙවැනි කිසිවක් වාර්තා වී නැති බවයි නිවේදනයේ සඳහන් වන්නේ. මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2018 11:33
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්