හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළවයි.
කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කිහිප වරක්ම දැනුම් දී තිබුණා. එහෙත් ඔහු නොපැමිණීම හේතුවෙන් සී අයි ඩී ය කොළඹ විජේරාම පාරේ පිහිටි ඔහුගේ නිවසට ගොස් ප්‍රකාශය ලබා ගැනීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. ඒ අනුව අනිද්දා පෙරවරු 10ට මෙම ප්‍රකාශය ලබා ගැනීම සදහා හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණෙන බව ඔහුට දැනුම් දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.