Life+News The Official News Portal of Independent Television Network Ltd

අයතුල්ලා අලි කමේනි දැඩි ස්ථාවරයක

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2018 15:53

අයතුල්ලා අලි කමේනි දැඩි ස්ථාවරයක

ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අයතුල්ලා සෙයාඩ් අලි කමේනි ඇමෙරිකා සම්බාධකවලට එරෙහිව දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා වනවා. ඉරානයට ඇමෙරිකාව සමග යුද්ධයක් හෝ සාකච්ඡාවක් හෝ අවශ්‍ය නැති බවයි ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අයතුල්ලා සෙයාඩ් අලි කමේනි සිය පෞද්ගලික වෙබ් අඩවිය මගින් පවසා ඇත්තේ.

ඩොනල්ඩ් ට්‍රම්ගේ පරිපාලනය යටතේ පසුගිය අඟහරුවාදා නැවතත් ඉරානයට සම්බාධක පනවනු ලැබුවා. මේ සමගයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා ඊට එරෙහිව ප්‍රකාශයක් සිදුකර ඇත්තේ. පසුගියදා ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් වීමත් සමග රටවල් දෙක අතර ගැටුම්කාරී තත්ත්වයක් මතුවුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2018 15:53
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්