” සිරකරුවෝද මනුෂ්‍යයෝය” මේ කියමන අපි අහලා තිබෙනවා වගේම දැකලත් තිබෙනවා. ඒ කොහෙද කියලා ඔබ දන්නවා. වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටට ගියොත් මේ පාඨය දැක බලා ගන්න ඔබට පුළුවන්.
අවුරුදු 200ක බන්ධනාගාර ඉතිහාසයේ පළවෙනි වරට සිරකරු සාහිත්‍ය කලා සංසදයේ රැඳවියන් සියයකගේ නිර්මාණ ඇතුළත් ” සිපිරිගේ පාමුළ” කෘතිය සම්බන්ධයෙන් විචාරාත්මක සංවාදශීලි වැඩසටහනක් පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.
එළඹෙන අගෝස්තු 20 වැනිදා පස්වරු 3 ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේදී මෙය පැවැත්වීමට නියමිතයි.
මේ අවස්ථාවට ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර, ආචාර්ය චූලානන්ද සමරනායක, බන්ධනාගාර(පුනරුත්ථාපන) කොමසාරිස් චන්දන ඒකනායක යන අය සහභාගී වීමට නියමිතයි.