ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සටන්කාමීන්ගේ බලකොටුවක් ලෙස සැළකෙන ඝස්නි නගරය අත්පත් කර ගැනීම සදහා සිව්වන දිනටත් ක්‍රියාත්මක වූ මෙහෙයුම්වලදී මිය ගිය සංඛ්‍යාව 300 දක්වා ඉහළගොස් තිබෙනවා.
මිය ගිය පිරිස අතර ඇෆ්ගන් රජයේ හමුදා සෙබලුන් සියයටකට අධික පිරිසක් සිටින බව ද වාර්තා වනවා. සිවිල් වැසියන් තිස් දෙනෙකු සහ තලෙයිබාන් සටන්කාමීන් 190 කට ආසන්න සංඛ්‍යාවක්ද ඒ අතර වන බව ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා කාබුල් අගනුවර මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් මෙම ප්‍රකාශය තලෙයින්බාන් සංවිධානය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පසුගිය සිකුරාදා සිටයි මෙම ගැටුම් පවතින්නේ. ඇමෙරිකාවේ ගුවන් ප්‍රහාරවලින් මෙලෙස තලෙයිබාන් සටන්කාමීන් ජීවිතක්ෂයට පත් වූ බවද වාර්තා වනවා.