කෑගල්ල කවුඩුගම වෙල්යායේදී සරුංගල් තරගයක් පැවැත්වුණා. කෑගල්ල කවුඩුගම තරුණ පිරිස සංවිධාන කළ මෙම සරුංගල් තරගාවලිය විවෘත වයස අවුරුදු පහළොවෙන් පහළ සහ නිර්මාණාත්මක යන අංශ යටතේ පැවැත්වුණා. එහි ජයග්රාහකයින්ට මුදල් ත්‍යාග පිරිනැමීමටත් කටයුතු කෙරුණා. සරුංගල් පනහක් මෙම තරගාවලියට එක්ව සිටියේ විවිධ තේමාවන් යටතේ නිර්මාණය කළ නිර්මාණාත්මක සරුංගල්ද ඇතුළුවයි.